ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 7:33 - සිංහල කාලීන පරිවර්තනය

මන්ද යොහන් බව්තීස්ත පැමිණියේ රොටි කන්නේවත්, මිදි යුෂ බොන්නේවත් නැතිවයි. ඊට ඔබ කියන්නේ, ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා ඇත’ කියායි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද යොහන් බව්තීස්ත ඇවිත් රොටි නොකා මුද්‍රිකපානය නොබී සිටියි; එබැවින් ඔහු යක්ෂාවේශ කෙනෙකැයි නුඹලා කියන්නහුය.

පරිච්ඡේදය බලන්න



ලූක් 7:33
12 හුවමාරු යොමු  

තම ගුරුවරයා හා සමාන වීම ගෝලයාටත්, තම ස්වාමියා හා සමාන වීම සේවකයාටත් සෑහෙයි. ගෘහ මූලිකයා බෙල්සෙබුල් යයි කියන ලද්දේ නම්, ඔහුගේ ගෘහ වාසීහු ඊට කොපමණ වැඩියෙන් අපහාස නො ලබත් ද?


එදවස්හි යොහන් බව්තීස්ත යුදයේ පාළුකරයේ දේශනා කරමින්,


යොහන් ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ සිටියේ ය. ඔහුගේ ඉණ වටා හම් පටියක් බැඳ තිබිණ. ඔහුගේ ආහාර, පළඟැටියන් හා වන මී ය.


ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටි යොහන්ගේ ආහාරය වූයේ පළඟැටියන් හා වන මී ය.


මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැරබීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත.


කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි: “ ‘අප ඔබට නළා පිම්බා, කෝ! ඔබ නැටුවේ නෑ; අප විලාප ගී ගැයුවා; ඔබ හැඬුවේ නෑ.’


මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි.


ඔවුන් අතරින් බොහෝ දෙනෙක්, “ඔහුට යක්ෂාත්මයක් වැහිලා. ඔහුට පිස්සු; මොකට මේවා අහනවා දැ?” යි කීහ.


එවිට යුදෙව්වෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ සමාරියයෙක් කියාත්, ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියාත් අප කීවා හරි නො වේ දැ?” යි කීවෝ ය.


එවිට යුදෙව්වෝ, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි.


එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත්වෙලා” යි කීහ.