එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය.
ලූක් 6:28 - සිංහල කාලීන පරිවර්තනය ඔබට ශාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. Sinhala New Revised Version ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; Sinhala New Revised Version 2018 ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; Sinhala Revised Old Version නුඹලාට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, නුඹලාට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න. |
එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය.
එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු දාදු දැමූහ.
එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපතම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉෂ්ට විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය.
ඔවුන්ට හිරිහැර කර, ගල් ගසන්නට අන්‍ය-ජාතිකයින්, යුදෙව්වන් හා ඔවුන්ගේ නායකයින් අතර කුමන්ත්‍රණයක් විය.
ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.
අපි වෙහෙස වී, අපේම දෑතින් වැඩ කරන්නෙමු. අපට ශාප කරන කල, අපි සෙත් පතන්නෙමු. හිංසා කරන කල, ඒවා විඳ දරා ගන්නෙමු.
නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න.