Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:27 - සිංහල කාලීන පරිවර්තනය

27 “මට සවන් දෙන ඔබට මා කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 නුමුත් අසන්නාවූ නුඹලාට මම කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:27
22 හුවමාරු යොමු  

කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වගබලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.


එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපතම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉෂ්ට විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය.


එබැවින් අපට ඇති ඉඩ ප්‍රස්ථා අනුව හැම විට, විශේෂයෙන් ඇදහිල්ලේ පවුලට සෙත සලසමු.


උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අසන දෑ ගැන විමසිලිමත් වන්න. ඔබ මනින මිම්මෙන්ම ඔබට ද මැන දෙනු ලැබේ. ඊට වැඩියෙනුත් ඔබට දෙනු ලැබේ.


දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.


ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.


එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු දාදු දැමූහ.


එබැවින් ඔබ අසන හැටි ගැන පරෙස්සම් වන්න. මන්ද ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහු, තමාට ඇතැයි ඔහු සිතන දේ පවා ගනු ලැබේ” යි කී සේක.


සරු බිමෙහි වූවෝ, යහපත් හදින් වචනය අසා, තදින් එය අල්ලාගෙන, නො පසුබට වීර්යයෙන් පල දරන අයයි.


සෙසු බීජ සරු බිමෙහි වැටී, පැළවී, එකට සියය බැගින් අස්වනු ඉපද වීය.” එසේ කියමින් උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි උස් හඬින් පැවසූ සේක.


මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.


ප්‍රේමණීයය, නොහොඳ අනුගමන නො කර, හොඳ දෑ අනුගමන කරන්න. හොඳ කරන්නා දෙවියන්වහන්සේගෙනි. නපුර කරන කවරකු වුව ද දෙවියන්වහන්සේ දැක නැත.


එසැණේම, “කිසි අනතුරක් කරගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්