ලූක් 5:12 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ එක් නගරයක සිටියදී ගත පුරා කුෂ්ඨ රෝගියෙක් අවුත්, යේසුස්වහන්සේ දැක, වැටී මුහුණ බිම ඔබා, උන්වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමිනි, ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය. Sinhala New Revised Version තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය. Sinhala New Revised Version 2018 තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය. Sinhala Revised Old Version තවද උන්වහන්සේ එක් නුවරක සිටියදී කුෂ්ඨයෙන් පිරුණු මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු යේසුස්වහන්සේ දැක මුහුණින් වැටී: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා උන්වහන්සේට කන්නලව්කෙළේය. |
යේසුස්වහන්සේ නිවසට පිවිසි කල, අන්ධයෝ දෙදෙන උන්වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි ය කියා ඔබ විශ්වාස කරනවා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ කල, “එසේය ස්වාමිනි” යි ඔවුහු පිළිතුරු දුන්හ.
උදක්ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය.
යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක. කුෂ්ඨය විගස ඔහුගෙන් පහව ගියේ ය.
එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.