Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 9:28 - සිංහල කාලීන පරිවර්තනය

28 යේසුස්වහන්සේ නිවසට පිවිසි කල, අන්ධයෝ දෙදෙන උන්වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි ය කියා ඔබ විශ්වාස කරනවා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ කල, “එසේය ස්වාමිනි” යි ඔවුහු පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “එසේය, ස්වාමීනි”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “එසේය, ස්වාමීනි”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා නුඹලා විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 9:28
14 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ හැරී, ඇය දැක, “දිරිමත් වන්න දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇතැ” යි කී සේක. ඒ මොහොතේ පටන් ඒ ස්ත්‍රිය සුවය ලද්දා ය.


එවිට මෙන්න, කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, ඔබ කැමති නම්, මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය.


යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.


මා තුළ විශ්වාසය තබන, ජීවත්ව සිටින හැම කෙනෙක් කිසි දා නො මැරෙයි. ඔබ මෙය විශ්වාස කරනවා දැ?” යි ඇසූ සේක.


ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය නිසා, එහිදී උන්වහන්සේ ප්‍රබල ක්‍රියා බොහොමයක් සිදු නො කළ සේක.


යේසුස්වහන්සේ පේතෘස්ගේ නිවසට ඇතුළු වූ කල, ඔහුගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳේ වැතිර සිටිනු දුටු සේක.


ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ.


යේසුස්වහන්සේ එතැන පසුකර යන කල, අන්ධයින් දෙදෙනෙක් උන්වහන්සේ පස්සේ යමින්, “අපට කරුණා කළ මැනව, දාවිත්ගේ පුත්‍රයාණෙනි” යි මොර ගසන්නට වන්හ.


එවිට ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ උන්වහන්සේ, “ඔබගේ ඇදහිල්ල ලෙස ඔබට සිදු වේවා” යි පැවසූ සේක.


ඒ දවසේම යේසුස්වහන්සේ නිවසින් පිටත්ව, මුහුද අද්දර හිඳගත් සේක.


පාවුල්ගේ දේශනයකට කන් දෙමින් සිටියේ ය. පාවුල් එක එල්ලේ ඔහු දෙස බැලූ කල, සුවය ලැබීමට ඔහුට ඇදහිල්ල ඇති වග දැක,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්