අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.
ලූක් 4:40 - සිංහල කාලීන පරිවර්තනය හිරු අවරට යත්ම, ඔවුහු අනේකාකාර රෝගවලින් පෙළෙන්නවුන් උන්වහන්සේ වෙත ගෙන ආහ. ඒ හැම කෙනකු පිට අත් තැබූ උන්වහන්සේ ඔවුන් සුව කළ සේක. Sinhala New Revised Version හිරු බැස යද්දී, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක. Sinhala New Revised Version 2018 හිරු බැස යද්දී, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක. Sinhala Revised Old Version ඉර බසින කල අනේකාකාර රෝගවලින් පීඩිතවූ රෝගකාරයන් ඇති සියල්ලෝම උන්වහන්සේ වෙතට ඔවුන් ගෙනාවෝය; උන්වහන්සේ ඔවුන් එකිනෙකා පිට අත් තබා, ඔවුන් සුවපත් කළසේක. |
අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.
ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනිව හුදෙකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩබිමින් උන්වහන්සේ පසුපස ගියහ.
මන්ද උන්වහන්සේ බොහෝ දෙනකු සුව කර තිබූ හෙයින්, රෝගීවූවෝ උන්වහන්සේට අත ගසන්නට, පොදි කකා ඉදිරියට තල්ලුවී ආවෝ ය.
උදක්ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය.
තම අත තබා එහි සිටි රෝගී ස්වල්ප දෙනකු සුව කිරීම හැර, වෙන කිසි ප්‍රබල ක්‍රියාවක් එහිදී උන්වහන්සේට කළ නො හැකි විය.
පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.
පේතෘස් යන එන අතරේ, අඩු වශයෙන් ඔහුගේ සෙවණැල්ලවත් යමකු පිට වැටෙන පිණිස ජනයා මං මාවත්වලට රෝගීන් ගෙනවුත්, යහන් හා පැදුරු මත ඔවුන් තැබූහ.