Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 4:39 - සිංහල කාලීන පරිවර්තනය

39 එවිට උන්වහන්සේ ඇය වෙත නැඹුරුව, උණ රෝගයට තරවටු කළ සේක; උණ ඇගෙන් බැස ගියේ ය. එකෙණෙහිම නැගිට්ට ඕ, ඔවුනට සත්කාර කරන්නට වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 උන්වහන්සේ ඈ ළඟ සිට උණට සැරකළසේක; උණරෝගය ඇගෙන් පහවගියේය. එකෙණෙහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථානකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:39
7 හුවමාරු යොමු  

සිනගෝගයෙන් පිට වූ විගස, ඔවුහු යාකොබ් හා යොහන් සමඟ සීමොන්ගේ හා අන්දෘගේ නිවසට ගියහ.


එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්. “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. එවිට ඔවුන් මධ්‍යයේ ඔහු බිම හෙළූ යක්ෂාත්මය, ඔහුට හානියක් නො කර, ඔහුගෙන් පිටතට ආවේ ය.


යක්ෂාත්මයෝ ද “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කෑ ගසමින් බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. එහෙත් උන්වහන්සේ උන්ට තරවටු කරමින්, කතා කරන්නට ඉඩ නො දුන් සේක. මන්ද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග උන් දැන සිටි නිසා ය.


එවිට ඔවුහු උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, ස්වාමිනි, අප විනාශ වෙන්නටයි යන්නේ!” යි කෑ ගැසූහ. උන්වහන්සේ නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට ඒවා නැවතිණ; සියල්ල නිසල විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්