ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 4:2 - සිංහල කාලීන පරිවර්තනය

යක්ෂයා විසින් හතළිස් දවසක් පරීක්ෂා කරනු ලැබූ සේක. එදවස් ඇතුළත උන්වහන්සේ කිසි අහරක් ගත්තේ නැත. එදවස් කෙළවරදී උන්වහන්සේට කුසගිනි දැනිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොකාසිටිසේක. ඒ දවස් නිමවූ පසු උන්වහන්සේට බඩගිනිවිය.

පරිච්ඡේදය බලන්න



ලූක් 4:2
16 හුවමාරු යොමු  

උදයේ ආපසු පුරවරයට එද්දී උන්වහන්සේට කුසගිනි දැනිණි.


දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාරව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය.


එවිට යක්ෂයා උන්වහන්සේ අමතමින්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල රොටි වන්නට අණ කරන්නැ” යි කීවේ ය.


යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත්ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හයවන පැය පමණ විය.


මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටින්නවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන.


මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.