Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 2:18 - සිංහල කාලීන පරිවර්තනය

18 මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටින්නවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 2:18
16 හුවමාරු යොමු  

මිනිසාට පොදු පරීක්ෂා නො වන පරීක්ෂාවක්, ඔබ අල්ලා ගත්තේ නැත. දෙවියන්වහන්සේ විශ්වාසනීය ය; දරන්න බැරි තරමට වඩා, ඔබ පරීක්ෂා කරනු ලබන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. තවද පරීක්ෂාව සමඟ එය දරා ගැනීමට ඔබට හැකි වන පිණිස, ඉන් මිදී යෑමේ මාර්ගය ද උන්වහන්සේ සලසා දෙන සේක.


පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිතව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට,


ඔහු ද දුබලතාවනට හසුව සිටින්නකු බැවින්, දැනුවත් නො වූවන් හා මුළා වූවන් වෙත මෘදුකමින් කටයුතු කිරීමට ඔහුට පුළුවන.


ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.


දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගටම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.


මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.


ඔවුන් මට දුන් මගේ පියාණන්වහන්සේ හැමට වඩා උතුම් ය. මගේ පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගැනීමට සමත් කිසි කෙනකු නැත.


මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක.


උන්වහන්සේ සියලු දේ තම අණසක යටතට ගැනීමට ඇති බලයෙන් මිනිස් අපගේ පහත් සිරුරු උන්වහන්සේගේ මහිමවත් ශරීරයේ සමානත්වයට වෙනස් කරනු ඇත.


මගේ පරීක්ෂාවලදී මා සමඟ සිටියේ ඔබයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්