නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද විවාහ වෙමින් ද වුන්හ. ජල ගැල්ම ගලා ඔවුන් සියල්ලන් විනාශ කළේ ය.
ලූක් 3:36 - සිංහල කාලීන පරිවර්තනය ඔහු කායිනන්ගේ පුත්‍රයා ය, ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය, Sinhala New Revised Version ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය, Sinhala New Revised Version 2018 ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය, Sinhala Revised Old Version ඔහු කායිනන්ගේ පුත්‍රයාය, ඔහු ආර්පක්සද්ගේ පුත්‍රයාය, ඔහු ෂෙම්ගේ පුත්‍රයාය, ඔහු නෝවාගේ පුත්‍රයාය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයාය, |
නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද විවාහ වෙමින් ද වුන්හ. ජල ගැල්ම ගලා ඔවුන් සියල්ලන් විනාශ කළේ ය.
ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙයුගේ පුත්‍රයා ය, ඔහු පෙලෙග්ගේ පුත්‍රයා ය, ඔහු එබෙර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය,
ඔහු මෙතුසෙලාගේ පුත්‍රයා ය, ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු යාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මහලලෙල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය,
එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතුව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය.
මන්ද ඔවුන්, නෝවාගේ දවස්වලදී නැව සාදන අතරේ දෙවියන්වහන්සේ ඉවසිලිවත්ව බලා සිටි කාලයේදී කීකරු නො වූවන් ය. ඒ නැවෙහි ස්වල්ප දෙනෙක්, ගණනින් අට දෙනෙක් පමණක් ජලය තුළින් ගලවනු ලැබූහ.
ලෝකයේ දුෂ්ට අභක්තික ජනයා පිට ජල ගැල්ම එවූ කල, උන්වහන්සේ එම පැරණි ලෝකයට දඬුවම් දීමෙන් නො වැළකී, ධර්මිෂ්ඨකමේ දේශකයකු වූ නෝවා ද තවත් හත්දෙනකු ද පමණක් ආරක්ෂා කළ සේක් නම්,