ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 3:19 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත්, හෙරෝද් ප්‍රාන්ත රජ, ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වූ හෙරෝදියස් ගැන හා ඔහු කර තිබූ සියලු දුෂ්ටකම් ගැන යොහන් ඔහුට තරවටු කළ නිසා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, හෙරොද් යුවරජු සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද ඔහු කළ සියලු දුෂ්ටකම් නිසා ද ජොහන් ඔහුට තරවටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, හෙරොද් යුවරජු සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද ඔහු කළ සියලු දුෂ්ටකම් නිසා ද ජොහන් ඔහුට තරවටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් දේශාධිපතිවූ හෙරොද් තමාගේ සහෝදරයාගේ භාර්යාවවූ හෙරෝදියස් නිසාද තමා කළ සියලු නපුරු දේ නිසාද යොහන්ගෙන් තරවටු ලැබ,

පරිච්ඡේදය බලන්න



ලූක් 3:19
9 හුවමාරු යොමු  

මේ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන සිරගෙදරදී ඇසූ යොහන්, තම ගෝලයින් අත අසා යවමින්,


මෙකල යේසුස්වහන්සේගේ කීර්තිය පිළිබඳව හෙරෝද් ප්‍රාන්ත රජුට අසන්ට ලැබුණේ ය.


එහෙත් හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල, හෙරෝදියස්ගේ දියණිය, පිරිස ඉදිරියේ නැටුමක් නටා, හෙරෝද් ප්‍රීතියට පත් කළෙන්,


තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජුව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජුව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජුව සිටි සමයේ


මෙසේ තවත් බොහෝ අනුශාසනා පවත්වමින් යොහන් ජනතාවට ශුභාරංචිය දේශනා කළේ ය.