යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.
ලූක් 23:53 - සිංහල කාලීන පරිවර්තනය පසුව ඔහු දේහය බාවා, සිහින් හණ රෙද්දකින් ඔතා, සොහොනක තැන්පත් කළේ ය. එය ගලක් කැණ, ඒ වන තෙක් කිසිවකුත් තැන්පත් නො කරන ලද එකකි. Sinhala New Revised Version ඔහු එය පහතට ගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවකු නොතැබූ, ගලක කණින ලද සොහොනක උන් වහන්සේ තැන්පත් කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔහු එය පහතට ගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවකු නොතැබූ, ගලක කණින ලද සොහොනක උන් වහන්සේ තැන්පත් කෙළේ ය. Sinhala Revised Old Version ඔහු ඒක බාගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවෙකු නොතැබුවාවූ ගලක කපනලද සොහොන් ගෙයක උන්වහන්සේ තැබුවේය. |
යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.
යේසුස්වහන්සේ කුරුසිපත් කළ ස්ථානය අසල උයනක් තිබිණි. ඒ උයනේ එතෙක් කිසිවකු තැන්පත් නො කරන ලද අලුත් සොහොන් ලෙනක් තිබිණි.
මෙසේ උන්වහන්සේ ගැන ලියවී තිබූ හැම දේ ඉටු කරමින්, ඔවුහු උන්වහන්සේ ගසින් බාවා සොහොනක තැන්පත් කළහ.