ලූක් 22:13 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු පිටත්ව, යේසුස්වහන්සේ දැන්වූ ලෙසින්ම සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය. Sinhala New Revised Version ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ. Sinhala New Revised Version 2018 ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ. Sinhala Revised Old Version ඔව්හු ගොස්, උන්වහන්සේ කී ලෙස සම්බව, පාස්කුව පිළියෙළකළෝය. |
එවිට ගෘහ භාණ්ඩ සහිත විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත; එහි පිළියෙල කරන්නැ” යි කී සේක.
යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.
එවිට උන්වහන්සේගේ මෑණියෝ සේවකයින් අමතා, “උන්වහන්සේ කියන කවර දෙයක් වුවත් කරන්නැ” යි කීවා ය.
ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරුව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක්ව ලැබෙන ස්ථානය බලා පිටත්ව ගියේ ඇදහිල්ලෙනි.