ලූක් 2:43 - සිංහල කාලීන පරිවර්තනය උත්සව දවස් ගෙවුණු පසු, ඔවුහු ආපසු ඒමට පිටත් වූයේ වුව ද, ළමා යේසුස්වහන්සේ යෙරුසලමේ රැඳුණු සේක. එහෙත් මාපියන් ඒ වග දැන සිටියේ නැත. Sinhala New Revised Version ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන, Sinhala New Revised Version 2018 ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන, Sinhala Revised Old Version ඔවුන් නියම දවස් ගතකොට හැරී එද්දී, යේසුස් නම් ළමයා යෙරුසලමෙහි නැවතී සිටිසේක; නුමුත් උන්වහන්සේගේ මවුපියෝ ඒ බව නොදැන, |
එතුමාණන්, කණ්ඩායම අතරේ වෙතැයි සිතූ ඔවුහු දවසක ගමන්-දුරක් ගියහ. පසුව තම නෑයින් හා හිතවතුන් අතරේ එතුමාණන් සොයා බලන්නට වූ නමුත්,