ඔවුහු උන්වහන්සේ අමතමින්, “යොහන්ගේ ගෝලයින් නිතර උපවාසයෙන් යාච්ඤා කරනවා, පරිසිවරුන්ගේ ගෝලයින් ද එහෙම කරනවා. එහෙත් ඔබේ ගෝලයින් කනවා, බොනවා” යි කීහ.
ලූක් 2:37 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු අසූහතර වසරක්ම වැන්දඹුවක ලෙස සිටියා ය. ඕ දේව මාලිගයෙන් බැහැරව නො ගොස්, දිවා රෑ දෙක්හි නිරාහාරයෙන් ද යාච්ඤාවෙන් ද නමස්කාර කළා ය. Sinhala New Revised Version අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය. Sinhala New Revised Version 2018 අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය. Sinhala Revised Old Version අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය. |
ඔවුහු උන්වහන්සේ අමතමින්, “යොහන්ගේ ගෝලයින් නිතර උපවාසයෙන් යාච්ඤා කරනවා, පරිසිවරුන්ගේ ගෝලයින් ද එහෙම කරනවා. එහෙත් ඔබේ ගෝලයින් කනවා, බොනවා” යි කීහ.
එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාරව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ.
අපේ ගෝත්‍ර දොළොසම මහත් ලැදියාවෙන් දිවා රෑ දෙක්හි දෙවියන්වහන්සේට මෙහෙ කරමින්, බලා සිටින්නේ මේ පොරොන්දුව ඉටු වන තුරුයි. රජතුමනි, මේ බලාපොරොත්තුව නිසාමයි යුදෙව්වන් මට චෝදනා එල්ල කරන්නේ.
තනි වී, සැබවින් වැන්දඹුව සිටින්නී, දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා, රෑ දහවල් නිරතුරු යාච්ඤාවේ යෙදෙමින්, දෙවියන්වහන්සේගෙන් පිහිට යදින්නී ය.
ජයගන්නා, මාගේ දෙවියන්වහන්සේගේ මාලිගයේ කුලුනක් කරන්නෙමි. කිසි කලෙක ඔහු එතැන හැර යන්නේ නැත. මාගේ දෙවියන්වහන්සේගේ නාමය හා මාගේ දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ පුරවරයේ නාමය ද මගේම අලුත් නාමය ද මම ඔහු පිට ලියන්නෙමි.
එබැවින්, “ඔවුහු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ, දිවා රැයේ උන්වහන්සේට, උන්වහන්සේගේ මාලිගයේ මෙහෙ කරති. සිංහාසන මත හිඳිනා තැනැන්වහන්සේ ස්වකීය අභිමුඛය, ඔවුනට ඉහළින් සෙවණක් කරන සේක.