Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 5:33 - සිංහල කාලීන පරිවර්තනය

33 ඔවුහු උන්වහන්සේ අමතමින්, “යොහන්ගේ ගෝලයින් නිතර උපවාසයෙන් යාච්ඤා කරනවා, පරිසිවරුන්ගේ ගෝලයින් ද එහෙම කරනවා. එහෙත් ඔබේ ගෝලයින් කනවා, බොනවා” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එවිට ඔව්හු උන් වහන්සේට කතා කොට, “ජොහන්ගේ ගෝලයෝ නොයෙක් වර උපවාස පවත්වා යාච්ඤා පුද කරති; පරිසිවරුන්ගේ ගෝලයෝත් එසේ ම කරති. එහෙත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 එවිට ඔව්හු උන් වහන්සේට කතා කොට, “ජොහන්ගේ ගෝලයෝ නොයෙක් වර උපවාස පවත්වා යාච්ඤා පුද කරති; පරිසිවරුන්ගේ ගෝලයෝත් එසේ ම කරති. එහෙත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 එවිට ඔව්හු උන්වහන්සේට කථාකොට: යොහන්ගේ ගෝලයෝ නොයෙක්වර නිරාහාරව සිට යාච්ඤා ඔප්පු කරති. ඵරිසිවරුන්ගේ ගෝලයොත් එසේමය; නුමුත් ඔබගේ ගෝලයෝ කමින් බොමින් සිටිතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:33
20 හුවමාරු යොමු  

ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.


මා සතියකට දෙවරක් උපවාසයේ යෙදෙනවා; මට ලැබෙන දෙයින් දසයෙන් කොටස ද දෙනවා’ යි කියා ගත්තා.


එවිට ස්වාමින්වහන්සේ, “යන්න! සෘජු නම් වූ වීදියේ යූදස්ගේ ගෙදරට ගොස්, තාර්සස් සිට පැමිණි සාවුල් නැමැත්තා ගැන විමසන්න. අන්න! ඔහු යාච්ඤා කරමින් සිටී.


යොහන්ගේ ගෝලයින් හා යුදෙව්වකු අතර පවිත්‍ර වීමේ චාරිත්‍රය පිළිබඳ වාදයක් පැන නැගිණි.


පසු දින යළිත්, තම ගෝලයින් දෙදෙනකු සමඟ එතැන සිටි යොහන්,


යේසුස්වහන්සේ වරක් එක්තරා තැනක යාච්ඤා කරමින් සිට, එය නිම වූ කල, උන්වහන්සේ ඇමතූ උන්වහන්සේගේ ගෝලයෙක්, “ස්වාමිනි, යොහන් තම ගෝලයින්ට ඉගැන්වූවාක් මෙන්, අපටත් යාච්ඤා කරන්න උගන්වන්නැ” යි කීවේ ය.


ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණටම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත.


ඉන්පසු අසූහතර වසරක්ම වැන්දඹුවක ලෙස සිටියා ය. ඕ දේව මාලිගයෙන් බැහැරව නො ගොස්, දිවා රෑ දෙක්හි නිරාහාරයෙන් ද යාච්ඤාවෙන් ද නමස්කාර කළා ය.


මා ආවේ, පව්කරුවන් පසුතැවිල්ලට කැඳවීමට මිස, ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මනාලයා මංගල පිරිස සමඟ සිටියදී, ඔවුන්ට නිරාහාරව සිටිය හැකි ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්