ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 19:30 - සිංහල කාලීන පරිවර්තනය

“ඉදිරියෙන් ඇති ගමට යන්න; ඊට ඇතුළු වූ විට, මින් ඉහත කිසිවකුත් නො නැගුණු කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබ ඉදිරිපිට තිබෙන ගමට යන්න; එහි ඇතුළු වූ විට, කිසි කලෙක කිසිවෙකු නොනැඟුණු කොටළු නාම්බෙකු බැඳ සිටිනු ඔබට සම්බවන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඔබ ඉදිරිපිට තිබෙන ගමට යන්න; එහි ඇතුළු වූ විට, කිසි කලෙක කිසිවෙකු නොනැඟුණු කොටළු නාම්බෙකු බැඳ සිටිනු ඔබට සම්බවන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූවිට, කිසි කලෙක මනුෂ්‍යයෙකු නොනැගුණාවූ කොටළු පැටවෙකු එහි බැඳ සිටිනවා නුඹලාට සම්බවන්නේය. ඌ ලිහා ගෙනෙන්න.

පරිච්ඡේදය බලන්න



ලූක් 19:30
7 හුවමාරු යොමු  

ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි කොටළු දෙනක ද ඌ සමඟ කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න.


උන්වහන්සේ ඔලීව යයි හැඳින් වූ කන්ද අසල, බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්,


‘ඌ ලිහන්නේ මන්දැ?’ යි යමෙක් ඔබෙන් ඇසුවහොත්, ‘ස්වාමින්වහන්සේට ඌ උවමනා ය’ කියන්නැ” යි කී සේක.


එසේ යවනු ලැබූවෝ පිටත්ව ගොස්, උන්වහන්සේ ඔවුන්ට පැවසූ ලෙසම හමු වී,


මෙය සිදුවන්නට කලින් මා ඔබට කීවේ, එය සිදු වූ විට ඔබ විශ්වාස කරන පිණිසයි.