ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 13:33 - සිංහල කාලීන පරිවර්තනය

කෙසේ වුවත් අදත්, හෙටත්, අනිද්දාත් මා මාගේ මාර්ගයේ යා යුතුයි. මන්ද දිවැසිවරයකු යෙරුසලමෙන් පිටත විනාශ වන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ වුව ද, අදත්, හෙටත්, අනිද්දාත් මා චාරිකාවෙහි යෙදිය යුතු ය: කුමක් හෙයින් ද, දිවැසිවරයෙකුගේ මරණය ජෙරුසලමෙන් පිටත දී සිදුවිය නොහැකි ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ වුව ද, අදත්, හෙටත්, අනිද්දාත් මා චාරිකාවෙහි යෙදිය යුතු ය: කුමක් හෙයින් ද, දිවැසිවරයෙකුගේ මරණය ජෙරුසලමෙන් පිටත දී සිදුවිය නොහැකි ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේ වුවත්, අදත් හෙටත් අනිද්දාත් මා විසින් ගමන්කරන්ට ඕනෑය. කුමක්හෙයින්ද යෙරුසලමෙන් පිටදී අනාගතවක්තෘ කෙනෙකුගේ විනාශය නොවන්නේය.

පරිච්ඡේදය බලන්න



ලූක් 13:33
10 හුවමාරු යොමු  

“ඔන්න, අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරණයට තීන්දු කර,


“උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ.


එහෙත් එහි ජනයා උන්වහන්සේ පිළිගත්තේ නැත; මන්ද උන්වහන්සේ යෙරුසලම දෙසට මුහුණ යොමු කර යමින් සිටි බැවිනි.


එබැවින් යේසුස්වහන්සේ තවදුරටත් යුදෙව්වන් අතර ප්‍රසිද්ධියේ නො ගැවසී, කාන්තාරයට යාබද පෙදෙසේ එප්‍රායිම් නම් ගම්මානයට ගොස්, සිය ගෝලයින් සමඟ එහි නැවතී සිටි සේක.


යේසුස්වහන්සේ උත්තර දෙමින්, “දහවලට දොළොස් පැයක් තියෙනවා නො වේ ද? කෙනෙක් දහවලේ ඇවිදිනවා නම් ඔහු පැකිළෙන්නේ නැත. මන්ද ඔහුට ලෝකයේ එළිය පෙනේ.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින් “ආලෝකය ඔබ අතරේ තිබෙන්නේ තව ටික කලකටයි. අන්ධකාරය ඔබ අල්ලා නො ගන්නා පිණිස, ආලෝකය තිබියදී, ගමන් කරන්න. අන්ධකාරයේ ගමන් කරන මිනිසා, තමන් කොතැනක යනවාදැයි නො දනී.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි.


දහවල්ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි.


දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.


යෙරුසලම් ජනයාත්, ඔවුන්ගේ පාලකයනුත් යේසුස්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්තේ නැත. එහෙත්, උන්වහන්සේ දණ්ඩනයට පත් කරමින් ඔවුන් කළේ, හැම සබත් දවසක කියවනු ලබන දිවැසිවරුන්ගේ දිවැසි වැකි ඉෂ්ට කිරීමයි.