ලූක් 13:31 - සිංහල කාලීන පරිවර්තනය ඒ පැයේදීම උන්වහන්සේ වෙත පැමිණි පරිසිවරුන්ගෙන් ඇතමෙක්, “මෙතැනින් ඉවත්ව යන්න; මන්ද හෙරෝද්ට ඔබ මරන්නට ඕනෑ වී ඇතැ” යි කීහ. Sinhala New Revised Version ඒ මොහොතේ දී ම පරිසිවරුන්ගෙන් සමහරෙක් පැමිණ, “මෙතැනින් අහක් ව ගිය මැනව. මන්ද, හෙරොද් ඔබ මරනු රිසියෙන් සිටින්නේ ය”යි කී හ. Sinhala New Revised Version 2018 ඒ මොහොතේ දී ම පරිසිවරුන්ගෙන් සමහරෙක් පැමිණ, “මෙතැනින් අහක් ව ගිය මැනව. මන්ද, හෙරොද් ඔබ මරනු රිසියෙන් සිටින්නේ ය”යි කී හ. Sinhala Revised Old Version ඒ පැයේදීම ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඇවිත්: මෙයින් අහක්ව ගිය මැනව. මක්නිසාද හෙරොද් ඔබ මරන්ට කැමතිව සිටින්නේයයි උන්වහන්සේට කීවෝය. |
මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිර කරනු ලැබ තිබිණ.
එහෙත් හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල, හෙරෝදියස්ගේ දියණිය, පිරිස ඉදිරියේ නැටුමක් නටා, හෙරෝද් ප්‍රීතියට පත් කළෙන්,
උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය.
තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජුව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජුව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජුව සිටි සමයේ
මේ අතර, සිදුවන සියල්ල ගැන ඇසූ හෙරෝද් ප්‍රාන්ත රජ, වියවුල් විය. මන්ද යොහන් මරණින් නැගිට ඇතැයි ඇතමකු ද