“මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? එය සමාන වන්නේ, කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි:
ලූක් 11:43 - සිංහල කාලීන පරිවර්තනය “පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත් ඔබ ආශා වන බැවිනි. Sinhala New Revised Version පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ ධර්මශාලාවල දී උසස් ආසන ද වෙළෙඳාම් පළවල දී ගෞරවාචාර ද ලැබීමට ආශා ඇත්තාහු ය. Sinhala New Revised Version 2018 පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ ධර්මශාලාවල දී උසස් ආසන ද වෙළෙඳාම් පළවල දී ගෞරවාචාර ද ලැබීමට ආශා ඇත්තාහු ය. Sinhala Revised Old Version ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද කැමතිවන්නහුය. |
“මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? එය සමාන වන්නේ, කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි:
“දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.
ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානීව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.