යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “එක් මිනිහෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යමින් සිටියදී, මංකොල්ලකරුවනට හසුවුණා. මංකොල්ලකරුවෝ, ඔහු නිර්වස්ත්‍ර කොට, ඔහුට තළා-පෙළා, නොමරා මරා, හැර ගියා.
ලූක් 10:31 - සිංහල කාලීන පරිවර්තනය පූජකයකුට ඒ මගෙහිම යන්නට සිදු වුණා. පූජකයා ඔහු දුටු කල, පාරේ අනෙක් පැත්තෙන් ඔහු මග හැර ගියා. Sinhala New Revised Version ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. Sinhala New Revised Version 2018 ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. Sinhala Revised Old Version එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයෙන් යනුයේ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය. |
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “එක් මිනිහෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යමින් සිටියදී, මංකොල්ලකරුවනට හසුවුණා. මංකොල්ලකරුවෝ, ඔහු නිර්වස්ත්‍ර කොට, ඔහුට තළා-පෙළා, නොමරා මරා, හැර ගියා.