මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැරබීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත.
ලූක් 1:41 - සිංහල කාලීන පරිවර්තනය මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්, Sinhala New Revised Version එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, Sinhala New Revised Version 2018 එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, Sinhala Revised Old Version එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව, |
මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැරබීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත.
උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි.
යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව යොර්දාන් වෙතින් ආපසු පැමිණ, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් පාළුකරයේ ගෙන යනු ලැබ,
ඔවුහු සැවොම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලදුව, ආත්මයාණන් පවසන්නට වර දුන් අයුරින් අන්‍ය භාෂාවලින් කතා කරන්නට වන්හ.
එබැවින් සහෝදරවරුනි, ඔබ අතරින් හොඳ පිළිගැනීමක් ඇති, ශුද්ධාත්මයාණන්ගෙන් හා ප්‍රඥාවෙන් පූර්ණ හත්දෙනකු තෝරා ගන්න. එවිට මේ කටයුතු ඔවුනට පවරා,
එහෙත් ස්තේපන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, ස්වර්ගය දෙස ඉහළ බැලූ කල, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ද දෙවියන්වහන්සේගේ දකුණු පස යේසුස්වහන්සේ සිටගෙන සිටිනු ද දැක,
එබැවින් අනනියස් පිටත්ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය.
මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න.
ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.