Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 1:42 - සිංහල කාලීන පරිවර්තනය

42 උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 මහ හඬින් උදන් අනමින්, “ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 මහ හඬින් උදන් අනමින්, “ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, නුඹේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 1:42
13 හුවමාරු යොමු  

දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය.


මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්,


එනමුත්, මාගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද?


මන්ද තම දාසියගේ පහත්කම, උන්වහන්සේ සැලකූ සේක; දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක්ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත.


“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!” “ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි කියමිනි.


මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.


අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඇස ගසාගෙන, වීර්යයෙන්ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙලව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්