අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය.
යොහන් 9:5 - සිංහල කාලීන පරිවර්තනය මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක. Sinhala New Revised Version මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක. Sinhala Revised Old Version මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක. |
අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය.
යේසුස්වහන්සේ යළිත් ජනයා අමතමින්, “ලෝකයේ ආලෝකය මමයි. මා අනුගමන කරන කවරකු වුවත්, අන්ධකාරයේ ගමන් කරන්නේ නැතිවාත් හැර, ජීවනයේ ආලෝකය ලබන්නේ යැ” යි පැවසූ සේක.
මන්ද ස්වාමින්වහන්සේම අපට නියෝග කොට ඇත්තේ මෙයයි: “ ‘පොළෝ සීමා කෙළවරවල් දක්වාම මාගේ ගැලවීම ගෙනෙනු පිණිස, මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.’ යනුවෙනැ” යි පැවසූහ.
අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.
එය නම්, ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳිය යුතු බවත්, මළවුන්ගෙන් නැගිටි ප්‍රථමයාණන් වී, ඉශ්‍රායෙල් ජනයාටත්, අන්‍ය-ජාතීන්ටත් ආලෝකය ප්‍රකාශ කළ යුතු බවත් ය.”
මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක්ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”
හිරු හෝ සඳු හෝ බැබළීම ඒ පුරවරයට වුවමනා නො වේ. මන්ද දෙවියන්වහන්සේගේ තේජස ඊට ආලෝකය දෙයි; එහි පහන බැටළු පැටවාණෝ ය.