ඔහු පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ මිනිසායි මට කීවේ, ‘ඔබේ යහන උසුලා, ඇවිද යන්න කියා’ යි” කීවේ ය.
යොහන් 9:25 - සිංහල කාලීන පරිවර්තනය ඔහු පිළිතුරු දෙමින්, “ඔහු පව්කරුවකුද නැද්ද කියා මා දන්නේ නෑ. එනමුත් මා එකක් දන්නවා. මා අන්ධව සිටියා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය. Sinhala New Revised Version එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය. Sinhala Revised Old Version එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි–මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය. |
ඔහු පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ මිනිසායි මට කීවේ, ‘ඔබේ යහන උසුලා, ඇවිද යන්න කියා’ යි” කීවේ ය.
එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.
ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඇයි, ඒක හරි පුදුමයක්! ඔහු එන්නේ කොහෙන් ද කියා ඔබ දන්නේ නෑ! ඒත් එතුමා මගේ ඇස් විවර කළා.
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විශ්වාස කරන කවරකු තුළ වුව, මෙම සාක්ෂිය තිබේ. දෙවියන්වහන්සේ විශ්වාස නො කරන කවරෙක් වුව, උන්වහන්සේ බොරුකරුවෙකැයි ගණන් ගනී; මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දී ඇති සාක්ෂිය ඔහු විශ්වාස නො කළ බැවිනි.