Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:25 - Sinhala Revised Old Version

25 එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි–මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 ඔහු පිළිතුරු දෙමින්, “ඔහු පව්කරුවකුද නැද්ද කියා මා දන්නේ නෑ. එනමුත් මා එකක් දන්නවා. මා අන්ධව සිටියා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:25
5 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහන්නාට තමා තුළේම සාක්ෂිය ඇත්තේය. දෙවියන්වහන්සේව නොඅදහන්නා දෙවියන්වහන්සේ තමන් පුත්‍රයාණන් ගැන දී තිබෙන සාක්ෂිය කෙරෙහි විශ්වාස නොකළ නිසා උන්වහන්සේව බොරුකාරයෙක් කෙළේය.


ඒ මනුෂ්‍යයා ඔවුන්ට උත්තරදෙමින්: ඇයි, මේක පුදුමයක්ය, උන්වහන්සේ මාගේ ඇස් පාදා තිබියදීත් උන්වහන්සේ කොතැනින් ආසේක්ද කියා නුඹලා නොදන්නහුය.


නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම–නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය.


එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.


එබැවින් ඔව්හු: ඔහු නුඹට කුමක් කෙළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදැයි ඔහුගෙන් ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්