මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ.
යොහන් 7:27 - සිංහල කාලීන පරිවර්තනය මොහු ආවේ කොහෙන්දැයි අප දන්නවා. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම උන්වහන්සේ කොහි සිට එනවා ද කියා කිසිවකුත් දන්නේ නැතැ” යි කීහ. Sinhala New Revised Version කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ. Sinhala New Revised Version 2018 කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ. Sinhala Revised Old Version එසේ වුවත් මොහු ආවේ කොතැනින්දැයි අපි දනිමුව. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ එන කල උන්වහන්සේ කොතැනින්දැයි කිසිවෙක් දන්නේ නැතැයි කීවෝය. |
මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ.
එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිතව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ.
“මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ.
දෙවියන්වහන්සේ මෝසෙස්ට කතා කළ වග අප දන්නවා. එනමුත් මේ මිනිසා කොහෙන් ආවා ද කියලවත් අප දන්නේ නැතැ” යි කීහ.
එතුමන්ගේ යටහත් පහත්වීමේදී යුක්තිය එතුමන්ට අහිමි කෙරිණි; එතුමන්ගේ පෙළපත ගැන කවරකුට කිව හැකි ද? මන්ද එතුමන්ගේ ජීවිතය පොළොවෙන් පහ කරනු ලැබිණ.”