Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:27 - Sinhala Revised Old Version

27 එසේ වුවත් මොහු ආවේ කොතැනින්දැයි අපි දනිමුව. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ එන කල උන්වහන්සේ කොතැනින්දැයි කිසිවෙක් දන්නේ නැතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 මොහු ආවේ කොහෙන්දැයි අප දන්නවා. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම උන්වහන්සේ කොහි සිට එනවා ද කියා කිසිවකුත් දන්නේ නැතැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:27
14 හුවමාරු යොමු  

නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.


දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකර තිබෙන බව අපි දනිමුව. නුමුත් මේ මනුෂ්‍යයා ගැන නම් ඔහු කොතැනින්දැයි අපි නොදනිමුයයි කීවෝය.


මොහු යෝසෙප්ගේ පුත්‍රවූ යේසුස් නොවේද? අපි මොහුගේ මවුපියන් අඳුනමුව; මම ස්වර්ගයෙන් බැස්සෙමියි මොහු දැන් කියන්නේ කොහොමදැයි කීවෝය.


ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගෙන්ම කෙනෙක් වන්නේය, ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරෙන්ම නික්ම එන්නේය; ඔහු මා වෙතට ළංවන පිණිස ඔහු ළඟට පමුණුවා ගනිමි. මක්නිසාද මා වෙතට ළං වීමට නිර්භීතකම ඇති තැනැත්තා කවුදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මොහු මරියාගේ පුත්‍රවූද යාකොබ්, යෝසෙස්, යූදස් සහ සීමොන්ගේ සහෝදරවූද වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ මෙහි අප අතරේ සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධාවූහ.


සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය.


තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.


බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළෑටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්‍රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේගේ පහත්වීමේදී උන්වහන්සේ විනිශ්චය බැහැර කරනලද්දේය. උන්වහන්සේගේ පරම්පරාව ප්‍රකාශකරන්නේ කවුද? මක්නිසාද උන්වහන්සේගේ ජීවිතය භූමියෙන් පහකරනලද්දේය යනුයි.


එබැවින් යුදෙව්වරු මවිතව: කිසිකලක ඉගෙන නොගත්තාවූ මොහු ලියවිලි දන්නේ කොහොමදැයි කීවෝය.


උන්වහන්සේ බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳදමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්