ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 6:37 - සිංහල කාලීන පරිවර්තනය

පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.

පරිච්ඡේදය බලන්න



යොහන් 6:37
30 හුවමාරු යොමු  

“වෙහෙස වෙන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි.


මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත.


තවදුරටත් මා ලෝකයේ සිටින්නේ නැත. එහෙත් මොවුහු ලෝකයේම සිටිති. මම ඔබවහන්සේ වෙත එන්නෙමි. ශුද්ධ වූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නා සේ, මොවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයෙන්, ඔවුන් සුරකිනු මැනවි.


මන්ද පුත්‍රයාණන්ට ඔබ දුන් සියලු දෙනාට සදාතන ජීවනය දෙන පිණිස, සකල මිනිස් වර්ගයා කෙරෙහි ඔබවහන්සේ පුත්‍රයාණන්ට ආධිපත්‍යය දුන් සේක.


“පියාණෙනි, ඔබ මට දුන් මොවුන් ද මා සිටිනා තැන මා සමඟ සිටිනවාට මම ආශා වෙමි. එසේ වන්නේ ලෝකය අත්තිවාරම් ලීමට පෙර, ඔබ මට ප්‍රේම කළ බැවින්, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන් මොවුන් ද දකින පිණිස ය.


“ලෝකයෙන් ඔබ මට දුන් ජනයාට මම ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. ඔවුන් ඔබවහන්සේගේ ය. ඔබ ඔවුන් මට දුන් සේක. ඔවුහු ද ඔබගේ වචනය රක්ෂා කළෝ ය.


මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි.


උන්වහන්සේ කතා කරමින්, “මේ නිසයි මා ඔබට කීවේ, මගේ පියාණන්වහන්සේගෙන් අනුමැතිය ලැබූ කෙනකුට මිස, කිසිවකුටත් මා වෙත එන්නට නො හැකි ය කියා” යි පැවසූ සේක.


ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනවා ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.


දහම් නීතිය පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩිවන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයින් බහුල වන්නේ ය.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ උදෙසා උන්වහන්සේ අදහාගැනීමේ පමණක් නො ව, උන්වහන්සේ උදෙසා දුක් විඳීමේ වරප්‍රසාදයත් ඔබට ප්‍රදාන කරනු ලැබ ඇත.


මා දයාව ලද්දේ මේ හේතුවෙනි; සදාතන ජීවනය සඳහා උන්වහන්සේ තුළ විශ්වාස කරන්නට සිටින්නවුනට ආදර්ශයක් වශයෙන්, ලොකුම පව්කරුවා වන මා තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ ඉවසීම ප්‍රදර්ශනය කරන පිණිස ය.


එහෙත් දෙවියන්වහන්සේගේ ශක්තිමත් අත්තිවාරම මෙම මුද්‍රාව දරයි: “තමන්වහන්සේට අයිති කවුරුදැයි ස්වාමින්වහන්සේ දන්නා සේක” සහ “ස්වාමින්වහන්සේගේ නාමය පිළිගන්නා හැම කෙනෙක්ම දුෂ්ටකමින් ඉවත හැරිය යුතු ය” යනුයි.


මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.


එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.


ඔවුන් අප වෙතින් පිටත්ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගටම අප සමඟ සිටිය යුතුව තිබිණි, එහෙත් ඔවුන් පිටත්ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.


ආත්මයාණන්වහන්සේ ද මනාලී ද “එන්නැ” යි කියති. අසන තැනැත්තා ද “එන්නැ” යි කියත්වා! පිපාසිත ඇත්තා එත්වා! කැමැත්ත ඇත්තා ජීවනයේ දිය නොමිලයේ අරගනිත්වා!