Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 2:19 - සිංහල කාලීන පරිවර්තනය

19 එහෙත් දෙවියන්වහන්සේගේ ශක්තිමත් අත්තිවාරම මෙම මුද්‍රාව දරයි: “තමන්වහන්සේට අයිති කවුරුදැයි ස්වාමින්වහන්සේ දන්නා සේක” සහ “ස්වාමින්වහන්සේගේ නාමය පිළිගන්නා හැම කෙනෙක්ම දුෂ්ටකමින් ඉවත හැරිය යුතු ය” යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලො‍් ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලො‍් ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 2:19
69 හුවමාරු යොමු  

“යහපත් එඬේරා මමයි; මගේම උන් මම හඳුනමි; මාගේම බැටළුවෝ ද මා හඳුනති.


එහෙත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේම කරයි නම්, උන්වහන්සේ විසින් ඔහු දැනගනු ලබයි.


“එහෙත්, එතුමන් පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, නුඹලා කොහි සිට ආවාදැයි මා දන්නේ නෑ. අධර්මිෂ්ඨකම් කරන සියල්ලෙනි, මා වෙතින් බැහැරව යනු’ කියා කියනු ඇත.


එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේ හැඳින සිටියදීත්, ඊටත් වඩා දෙවියන්වහන්සේ විසින් ඔබ හැඳින ගනු ලැබ සිටියදීත් ඒ දුබල, නො වටිනා ලෝක ධර්මතා වෙත ආපසු හැරී යන්නේ කෙසේ ද? යළි ඒවායේ වහලුන් වීමට ඔබට ඕනෑ ද?


“මම ඔබේ වැඩ දනිමි. මෙන්න! කිසිවකුටත් වැසිය නො හැකි ඇරුණු දොරක් මම ඔබ ඉදිරියේ තැබීමි. ඔබට ඇත්තේ සුළු බලයක් වග මම දනිමි. එහෙත් ඔබ මාගේ වචනය පිළිපැද්දහ. මාගේ නාමය ප්‍රතික්ෂේප නො කළහ.


ඔවුහු උන්වහන්සේගේ මුහුණ දකිති. ඔවුන්ගේ නළල්හි උන්වහන්සේගේ නාමය තිබෙනු ඇත.


දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් නො දෙන්න. ඔබගේ මිදීම සම්පූර්ණ වන දවස දක්වා ඔබ මුද්‍රා තබා ඇත්තේ උන්වහන්සේගෙනි.


කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි.


ඒ සඳහා ඔබ මඟ බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිතව, දෝෂ රහිතව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක්ම දරන්න.


ප්‍රේමණීයයනි, අපට මේ පොරොන්දු තියෙන බැවින්, දෙවියන්වහන්සේට බය පක්ෂපාතීත්වයෙන් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමට, අපගේ ශරීරය හා ආත්මය හැම දූෂ්‍යතාවකින්ම පවිත්‍ර කර ගනිමු.


“ඔබ වාසය කරන්නේ කොතැනකදැයි මම දනිමි. ඒ, සාතන්ගේ සිංහාසනය ඇති තැනයි. එසේ වුවත්, ඔබ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටී. සාතන් වෙසෙන තැනදී ඔබ අතරේ මරා දමන ලද මාගේ විශ්වාස සාක්ෂිකරු වූ අන්තිපස්ගේ දවස්හිදීවත්, මා කෙරේ තැබූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ නැත.


එවිට මම ඔවුන්ට ප්‍රකාශ කරන්නේ, ‘කිසි කල මා ඔබ දැන සිටියේ නැත. නොපනත්කම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වනු’ කියා ය.


ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක්ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි.


අන් කෙනකු දැමූ අත්තිවාරමක් මත ගොඩ නැගීමට සිදු නො වන පිණිස, හැම විට මාගේ අභිලාෂය වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන් නො වූ තැන්වල ශුභාරංචිය දේශනා කිරීම ය.


එසේ කරන්නේ, මිනිසුන්ගේ ඉතිරි ස්වල්ප දෙනා හා අන්‍ය-ජාතීන් අතර මගේ නාමය දරන්නන් ස්වාමින්වහන්සේ සොයන පිණිස යයි


වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය; එහෙත් පර්වතය පිට එහි අත්තිවාරම් ලා තිබූ බැවින් එය බිඳ වැටුණේ නැත.


ඔවුන් අප වෙතින් පිටත්ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගටම අප සමඟ සිටිය යුතුව තිබිණි, එහෙත් ඔවුන් පිටත්ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.


ප්‍රේමය අව්‍යාජ වේවා. නපුර පිළිකුල් කරන්න; යහපත වැලඳගන්න.


මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත.


ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර මෙවැන්නක් සිදු විය: දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ඒ ඒ අයගේ ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස,


මෙසේ, අනාගතය උදෙසා හොඳ අත්තිවාරමක් වශයෙන් ඔවුන් තමන්ට වස්තුවක් රැස්කර ගනු ඇත්තේ සැබෑ ජීවනය අත්පත් කර ගනු පිණිස ය.


තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.


ඔහු මෙහි ඇවිත් සිටින්නේ, ඔබගේ නාමයෙන් අයදින්නන් සිරබාරයට ගැනීමට නායක පූජකයින්ගේ බලතල ඇතිව යැ” යි පැවසී ය.


“මා කතා කරන්නේ ඔබ හැම කෙනකු ගැන නො වෙයි. මා තෝරාගත් අය කවුරුදැයි මා දන්නවා. එනමුත් ‘මා හා එක පතේ කෑ තැනැත්තා මට ද්‍රෝහී වී යැ’ යි ලියා ඇති ශුද්ධ ලියවිල්ල සැබෑ විය යුතුයි.


මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත.


ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය.


දෙවියන්වහන්සේ තමන් පෙර-දැන සිටි තම ජනයා අත් නො හළ සේක. එලියා ගැන ශුද්ධ ලියවිල්ලේ කියන දේ, ඔහු ඉශ්‍රායෙල්ට එරෙහිව දෙවියන්වහන්සේට ආයාචනා කළ හැටි, ඔබ දන්නේ නැති ද?


ඔහු ගැඹුරට හාරා, පර්වතය පිට අත්තිවාරම දමා, ගෙයක් තනන මිනිසකුට සමාන ය. ගං වතුර ගැලූ කල, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය සෙලවිය නො හැකි විය. මන්ද එය නිසි ලෙස ගොඩ නගා තිබූ බැවිනි.


උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය: “එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි, ඔබගේ නාමයට ගී ගයන්නෙමි.”


පුර පවුරට අත්තිවාරම් දොළොසකි; ඒ මත බැටළු පැටවාණන්ගේ දොළොස් අපෝස්තුලුවරුන්ගේ නාම දොළොස විය.


මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය.


එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද


ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.


ඔහු සම්භව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින්ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.


උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා කවරකු වුව දෙවියන්වහන්සේ සත්‍යයම බවට, තම මුද්‍රාව තබයි.


මා එන්නට ප්‍රමාද වුවහොත් ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව, සත්‍ය දරා සිටින කණුව හා අත්තිවාරම වන දෙවියන්වහන්සේගේ ගෘහ-පවුල තුළ ඔබ කෙසේ හැසිරිය යුතුදැයි වටහා ගන්නා පිණිසයි.


ඔවුන් එය ගෙනා කල, උන්වහන්සේ ඔවුන් අමතමින්, “මෙහි තිබෙන රූපය කාගේ ද? මෙහි ඇති සටහන කාගේ දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්