ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 6:17 - සිංහල කාලීන පරිවර්තනය

ඔරුවක නැගී, මුහුද හරහා කපර්ණවුම් බලා යාත්‍රා කළහ. අඳුර ද පැතිරෙමින් තිබිණි. ඒ වන තුරුත් යේසුස්වහන්සේ ඔවුන් වෙතට පැමිණ සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔරුවට නැඟී මුහුදෙන් එතෙර‍ කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔරුවට නැඟී මුහුදෙන් එතෙර‍ කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ඔරුවකට නැගී මුහුදෙන් එගොඩව කපර්ණවුමට යන පිණිස ගියෝය. එවිට අන්ධකාරවී තිබුණේය, ඒතාක්ම යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න



යොහන් 6:17
6 හුවමාරු යොමු  

එකෙණෙහි යේසුස්වහන්සේ, තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක.


ඉන්පසු යේසුස්වහන්සේ සිය මෑණියන් ද සහෝදරයින් ද ගෝලයින් ද සමඟ කපර්ණවුම් වෙත ගිය සේක; ඔවුහු ටික දවසක් එහි නැවතී සිටියහ.


යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය.


සැඩ කුණාටුවක් හමා, මුහුද රළු වන්නට විය.


යේසුස්වහන්සේ මේ දෑ පැවසුවේ කපර්ණවුම්හි සිනගෝගයේ උගන්වමින් සිටියදී ය.