ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 21:10 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ දැන් ඇල්ලූ මාළු ටිකකුත් ගෙනෙන්නැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා දැන් ඇල්ලූ මසුන්ගෙන් ගෙනෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 21:10
6 හුවමාරු යොමු  

ප්‍රීතිය නිසා තවමත් විශ්වාස කළ නො හැකිව, ඔවුන් විස්මයෙන් සිටියදී, උන්වහන්සේ ඔවුන් අමතමින්, “කෑමට යමක් මෙහි ඔබ ළඟ තියෙනවා දැ?” යි ඇසූ සේක.


සීමොන් පේතෘස් ඔරුවට ගොඩ වී, දැල ගොඩට ඇද්දේ ය. ලොකු මසුන් එකසිය පනස්තුන් දෙනකුම හසුව සිටිය ද දැල ඉරී තිබුණේ නැත.


යේසුස්වහන්සේ පැමිණ, රොටි ගෙන, ඔවුනට බෙදා දුන් සේක; මාළු ද දුන් සේක.


ගොඩට ආ කල, දැවෙමින් තිබූ අඟුරු මත මසුන් ද රොටි ද තිබෙනු ඔවුහු දුටුවහ.


යේසුස්වහන්සේ ඒ රොටි ගත් සේක්, තුති පුදා, එතැන හිඳ සිටි ජනයාට ඒවා බෙදා දුන් සේක. මසුන් ද ඔවුන්ට අවැසි තරම් බෙදූ සේක.


“යව රොටි පහකුත්, මසුන් දෙදෙනකුත් ඇති ළමයෙක් මෙහි සිටියි. ඒත් මෙතරම් සෙනඟකට එය මක්කරන්න දැ?” යි පැවසී ය.