Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 6:9 - සිංහල කාලීන පරිවර්තනය

9 “යව රොටි පහකුත්, මසුන් දෙදෙනකුත් ඇති ළමයෙක් මෙහි සිටියි. ඒත් මෙතරම් සෙනඟකට එය මක්කරන්න දැ?” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 6:9
24 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ කල, ඔවුහු පිළිතුරු දෙමින්, “අප ගොස්, මේ මුළු පිරිසට ආහාර මිලදී ගතහොත් මිස, රොටි පහක් හා මසුන් දෙදෙනකුට වැඩි දෙයක් අප ළඟ නැතැ” යි කීහ.


එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “රොටි කීයක් ඔබ ළඟ තියෙනවා ද? ගොහින් බලන්නැ” යි පැවසූ සේක. ඔවුහු සොයා දැන, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ” යි කීහ.


“අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනකුත් පමණි” යි ඔවුහු පිළිතුරු දුන්හ.


තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත් පසුව කූඩ කීයක් පුරවා ගත්තා ද කියාත් ඔබට අමතක ද?


මා රොටි පහක් කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක. “දොළහකැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.


මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.


එවිට ජීවමාන සත්වයින් හතරදෙනා මධ්‍යයෙන් පැමිණි කටහඬක් වැනි හඬක් මට ඇසිණි. “තිරිඟු නැළියක මිල ඩිනාරියකි; යව නැළි තුනක මිල ඩිනාරියකි; තෙල්වලටත්, මිදි යුෂවලටත් හානි නො කරන්නැ” යි ඉන් කියැවිණි.


යේසුස්වහන්සේ හුන් තැනට පැමිණි මරියා, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී, “ස්වාමිනි, ඔබතුමා මෙහි සිටියා නම්, මගේ සහෝදරයා නො මැරෙන්න තිබුණා” යි කීවා ය.


මාර්තා යේසුස්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබතුමා මෙහි සිටියා නම්, මගේ සහෝදරයා නො මැරෙන්න තිබුණා.


පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් කෑමට, ඩිනාරි දෙසියයක රොටි ගෙනාවත් මදි වේවි” යි කීවේ ය.


යේසුස්වහන්සේ ඒ රොටි ගත් සේක්, තුති පුදා, එතැන හිඳ සිටි ජනයාට ඒවා බෙදා දුන් සේක. මසුන් ද ඔවුන්ට අවැසි තරම් බෙදූ සේක.


ගොඩට ආ කල, දැවෙමින් තිබූ අඟුරු මත මසුන් ද රොටි ද තිබෙනු ඔවුහු දුටුවහ.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ දැන් ඇල්ලූ මාළු ටිකකුත් ගෙනෙන්නැ” යි කී සේක.


යේසුස්වහන්සේ පැමිණ, රොටි ගෙන, ඔවුනට බෙදා දුන් සේක; මාළු ද දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්