ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 20:30 - සිංහල කාලීන පරිවර්තනය

මේ පොතේ නො ලියවුණු තවත් බොහෝ අනුහස් ලකුණු යේසුස්වහන්සේ තම ගෝලයින් ඉදිරියේ සිදු කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස්වහන්සේ ගෝලයන් ඉදිරියෙහි කළසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 20:30
10 හුවමාරු යොමු  

මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.


යේසුස්වහන්සේ කළ තවත් බොහෝ දේ වෙයි. ඒවා එකින් එක ලියන ලද්දේ නම්, එසේ ලියනු ලබන පොත් දරන්නට මුළු ලෝකයම වුවත් මදි යයි මට සිතේ.


උන්වහන්සේ රෝගීන් උදෙසා දක්වා තිබූ අනුහස් ලකුණු දැක තිබූ බැවින් විශාල පිරිසක් උන්වහන්සේ පසුපස ගියහ.


මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය. ඉවසීම මඟින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මඟින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.


ඒ දෑ ඔවුනට සිදු වූයේ ආදර්ශයක් වශයෙනි. ඒවා ලියනු ලැබ ඇත්තේ යුගවල කෙළවරට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමට ය.


දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය විශ්වාස කරන ඔබට මා මේ දෑ ලියන්නේ, ඔබට සදාතන ජීවනය තිබෙන බව ඔබ දැනගන්නා පිණිස ය.