ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 2:14 - සිංහල කාලීන පරිවර්තනය

මිනිසුන් ගව, බැටළු, පරෙවි ආදී සතුන් දේව මාලිග මළුව තුළ අලෙවි කරනු ද විනිමය මාරු කරන්නන් ගනුදෙනු සඳහා හිඳ සිටිනු ද දුටු උන්වහන්සේ,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට දේවමාළිගාවෙහි ගවයන් බැටළුවන් හා පරෙවියන් විකුණන්නන්ද මිල මාරුකරන්නන්ද වාඩිව ඉන්නවා දැක,

පරිච්ඡේදය බලන්න



යොහන් 2:14
8 හුවමාරු යොමු  

ඔවුහු යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයට ඇතුළුව, දේව මාලිගය තුළ විකුණමින් හා මිලයට ගනිමින් සිටියවුන් පිටතට පලවා හරින්නට පටන් ගත් සේක්, මුදල් මාරුකරන්නන්ගේ මේස ද පරෙවි වෙළඳුන්ගේ ආසන ද පෙරළා දැමූ සේක.


ඉන්පසු යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’ කියා ලියා නැද්ද? එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යැ” යි පැවසූ සේක.


ලණුවලින් කසයක් තනා, ගවයින් හා බැටළුවන් සමඟ ඒ සියල්ලන් පිටතට පන්නා, විනිමයකරුවන්ගේ කාසි විසුරුවා, ඔවුන්ගේ මේස ද පෙරළා දැමූ සේක;