Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 2:14 - Sinhala New Revised Version 2018

14 එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 මිනිසුන් ගව, බැටළු, පරෙවි ආදී සතුන් දේව මාලිග මළුව තුළ අලෙවි කරනු ද විනිමය මාරු කරන්නන් ගනුදෙනු සඳහා හිඳ සිටිනු ද දුටු උන්වහන්සේ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එවිට දේවමාළිගාවෙහි ගවයන් බැටළුවන් හා පරෙවියන් විකුණන්නන්ද මිල මාරුකරන්නන්ද වාඩිව ඉන්නවා දැක,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 2:14
8 හුවමාරු යොමු  

ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා,


උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක.


පූජා කිරීමට කැප කළ බැටළු රැළ මෙන්, ජෙරුසලමේ නියමිත මංගල්‍යවල දී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නගර ජන සමූහයෙන් පිරෙනු ඇත. ඔවුන් ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.”


ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්