සැබවින් ම මේ හැම එකක්ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.
යොහන් 18:8 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම ය කියා මා ඔබට කීවා; ඔබ සොයන්නේ මා නම්, මේ මිනිසුන්ට යන්න හරින්නැ” යි කී සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නම්, මොවුන්ට යන්න දෙන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නම්, මොවුන්ට යන්න දෙන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි නුඹලාට කීවෙමි. එබැවින්, නුඹලා මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක. |
සැබවින් ම මේ හැම එකක්ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.
මම ඔවුන්ට සදාතන ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලෙක විනාශ වන්නේ නැත. කිසි කෙනකු මගේ අතින් ඔවුන් උදුරා ගන්නේ නැත.
ඒ, පාස්කු මංගල්‍යයට මදකට කලින් ය. මෙලොවින් බැහැරව පියාණන්වහන්සේ වෙත යෑමේ තම පැය පැමිණ ඇති වග යේසුස්වහන්සේ දැනගත් සේක. මෙලොව සිටි ස්වකීයයන්ට ප්‍රේම කළ උන්වහන්සේ, අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළ සේක.
“ස්වාමිනි, ඔබතුමා යන්නේ කොහේ දැ?” යි සීමොන් පේතෘස් ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට මා අනුව ඒමට දැන්ම ඔබට බැරි ය. එහෙත් පසුව ඔබ එනු ඇතැ” යි කී සේක.
ඔන්න, ඔබ හැම කෙනකු තම තමන්ගේ නිවෙස්වලට විසුරුවා හරිනු ලබන, ඔබ හැම මා තනිකර දමන පැය පැමිණේ; ඇත්තෙන්ම එය දැනටමත් පැමිණිලා. එහෙත් මා තනිව නො වේ; පියාණන්වහන්සේ මා සමඟයි.
උන්වහන්සේ නැවතත්, “කවරකු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු කීහ.
මෙසේ වූයේ, “ඔබ මට දුන් අයගෙන් කිසිවකුත් මට නැති වූයේ නැතැ” යි උන්වහන්සේ කලින් පැවසූ වචන ඉටු වන පිණිස ය.
මිනිසාට පොදු පරීක්ෂා නො වන පරීක්ෂාවක්, ඔබ අල්ලා ගත්තේ නැත. දෙවියන්වහන්සේ විශ්වාසනීය ය; දරන්න බැරි තරමට වඩා, ඔබ පරීක්ෂා කරනු ලබන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. තවද පරීක්ෂාව සමඟ එය දරා ගැනීමට ඔබට හැකි වන පිණිස, ඉන් මිදී යෑමේ මාර්ගය ද උන්වහන්සේ සලසා දෙන සේක.
එහෙත් උන්වහන්සේ, “මාගේ අනුග්‍රහය ඔබට සෑහේ; මන්ද මාගේ බලය සම්පූර්ණ වන්නේ දුබලතාවයේදී යැ” යි කී සේක. එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ බලය මා මත රඳා පවත්නා පිණිස, මගේ දුබලතා ගැන වඩ වඩා ප්‍රමෝදයෙන් පාරට්ටු කර ගනිමි.
පුරුෂයිනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කොට, ඇය උදෙසා තමන්ම පූජා වූ සේ ඔබත්, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න.