අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.
යොහන් 15:24 - සිංහල කාලීන පරිවර්තනය කිසි කෙනකු නො කළ වැඩ මා ඔවුන් මධ්‍යයේ සිදු නො කළා නම්, පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එනමුත් දැන් ඔවුහු ඒ දෑ දැක, මටත්, මගේ පියාණන්වහන්සේටත් යන දෙදෙනාටම ද්වේෂ කරති. Sinhala New Revised Version වෙන කිසිවෙකු කවදා වත් නොකළ මෙවැනි ක්‍රියා මම ඔවුන් අතර නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔව්හු ඒවා දැක දැකත්, මට ද මාගේ පියාණන් වහන්සේට ද ද්වේෂ කරති. Sinhala New Revised Version 2018 වෙන කිසිවෙකු කවදා වත් නොකළ මෙවැනි ක්‍රියා මම ඔවුන් අතර නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔව්හු ඒවා දැක දැකත්, මට ද මාගේ පියාණන් වහන්සේට ද ද්වේෂ කරති. Sinhala Revised Old Version වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය. |
අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.
මන්ද යොහන් ධර්මිෂ්ඨකමේ මාවත පෙන්වමින් ඔබ වෙත ආයේ ය. ඔබ, ඔහු විශ්වාස කළේ නැත. එහෙත් අයබදුකරුවෝ හා වෙසඟනෝ ඔහු විශ්වාස කළහ. එය දුටු පසු වුව ද සිත වෙනස් කරගෙන, ඔබ ඔහු විශ්වාස කළේ නැත.
යක්ෂාත්මය දුරු කරනු ලැබූ කල, ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. ඉන් විස්මයට පත් ජනයා, “මෙහෙම දෙයක් ඉශ්‍රායෙලයේ කවදාවත් දැක නැතැ” යි කීහ.
ඔවුන් සැවොම බලා සිටියදී ඔහු නැගිට, එකෙණෙහිම තමන් වැතිර සිටි යහනත් ගෙන ඇවිද ගියේ ය. සියල්ලෝ විස්මපත්ව, “මේ වගේ දෙයක් අප කිසිදාක දැක නැතැ!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
“මොන සිදුවීම් දැ?” යි උන්වහන්සේ ඇසූ සේක. ඔවුහු කතා කරමින්, “ඇයි, නාසරෙත්හි යේසුස්වහන්සේ ගැන; එතුමා දෙවියන්වහන්සේ හා මුළු ජනතාව ඉදිරියේ ක්‍රියාවෙන් හා වචනයෙන් බලවත්ව සිටි දිවැසිවරයෙක්.
යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “පියාණන්වහන්සේ වෙතින් වූ හොඳ වැඩ බොහොමයක් මා ඔබට පෙන්වූවා. ඔබ මට ගල් ගසන්ට යන්නේ ඒ කුමණ එකට දැ?” යි ඇසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙපමණ කලක් මා සමඟ ඉඳලත් තවම මා හඳුනන්නේ නැද්ද පිලිප්? මා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබේ. එසේ නම්, ‘අපට පියාණන්වහන්සේ පෙන්වන්නැ’ යි කියන්නේ කෙසේ ද?
ඔවුන් මේ සියලු දෑ ඔබට කරන්නේ, මාගේ නාමය නිසා ය. මන්ද ඔවුන් මා එවූ තැනැන්වහන්සේ හඳුනන්නේ නැත.
මා නො පැමිණියා නම්, හා ඔවුන්ට නො පැවසුවා නම් පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එහෙත් දැන් තම පාපය ගැන නිදහසට කරුණු ඔවුන්ට නැත.
ඔහු යේසුස්වහන්සේ වෙත රෑ පැමිණ, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයකු වග අප දන්නවා. මන්ද තමන් සමඟ දෙවියන්වහන්සේ නො සිටින කෙනකුට ඔබ දක්වන මේ ලකුණු කරන්නට බැරි යැ” යි කීවේ ය.
“එනමුත් මට තිබෙන්නේ යොහන්ගේ සාක්ෂියට වඩා උතුම් සාක්ෂියකි. ඉෂ්ට කරන පිණිස පියාණන්වහන්සේ මට පැවරූ කාර්ය වන මා දැන් කරගෙන යන වැඩ කොටස, පියාණන්වහන්සේ මා එවූ බවට සාක්ෂි දරයි.
එසේ වුව ද බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. ඔවුහු කතා කරමින්, “ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම මේ මිනිසා කරනවාටත් වඩා අනුහස් ලකුණු කරාවි දැ?” යි කීහ.
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අන්ධව සිටියා නම් ඔබ වරදකරුවන් නො වන්නට තිබුණා. එහෙත් ‘අපට පෙනෙනවා’ යි ඔබ කියන නිසා, ඔබගේ වරදකාරකම එසේම පවතී” යි පැවසූ සේක.
දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.
“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක.
අවලාද නගන්නෝ ය; දෙවියන්වහන්සේට වෛර කරන්නෝ ය; අහංකාරීහු ය; මාන්නාධිකයෝ ය; පුරසාරම් දොඩන්නෝ ය; දුෂ්ට උගුල් අටවන්නෝ ය; මව් පියන්ට අකීකරුවන්නෝ ය;
ද්‍රෝහීන්ව, නො සැලකිලිමත්වූවන්ව, මානයෙන් උදම්වූවන්ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන්ව,
පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.