එහෙත් මා ඒවා කරනවා නම්, ඔබ මා විශ්වාස නො කළත්, පියාණන්වහන්සේ මා තුළත්, මා පියාණන්වහන්සේ තුළත් සිටින බව ඔබ දැනගන්නා පිණිසත්, වටහා ගන්නා පිණිසත්, කරන වැඩ විශ්වාස කරන්නැ” යි පැවසූ සේක.
යොහන් 12:39 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඔවුන්ට විශ්වාස කිරීමට නො හැකි වූ හේතුව යෙසායා තවත් තැනක දක්වයි: Sinhala New Revised Version ඒ නිසා ඔවුන්ට අදහාගත නොහැකි විය. මන්ද, යෙසායා නැවතත් මෙසේ කී ය: Sinhala New Revised Version 2018 ඒ නිසා ඔවුන්ට අදහාගත නොහැකි විය. මන්ද, යෙසායා නැවතත් මෙසේ කී ය: Sinhala Revised Old Version මේ නිසා ඔවුන්ට අදහාගන්ට නුපුළුවන්විය, මක්නිසාද යෙසායා නැවතත් කථාකොට: |
එහෙත් මා ඒවා කරනවා නම්, ඔබ මා විශ්වාස නො කළත්, පියාණන්වහන්සේ මා තුළත්, මා පියාණන්වහන්සේ තුළත් සිටින බව ඔබ දැනගන්නා පිණිසත්, වටහා ගන්නා පිණිසත්, කරන වැඩ විශ්වාස කරන්නැ” යි පැවසූ සේක.
එසේ වූයේ, දිවැසිවර යෙසායා අනාවැකියෙන් පැවසූ, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ බාහුව හෙළි කරන ලද්දේ කවරකුට ද?” යන වචනය ඉටු වන පිණිස ය.
“උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක: සිත් දැඩි කළ සේක. එසේ කළේ, ඔවුන් තමන්ගේ ඇස්වලින් නො දකින පිණිසත්, සිත්වලින් තේරුම් නො ගන්නා පිණිසත්, මගෙන් සුවය ලැබීමට මා වෙත නො හැරෙන පිණිසත් ය.”
එනිසා එකම දෙවියන්වහන්සේ වෙතින් එන ගෞරවය නො සොයා, තම තමන් අතරේ එකිනෙකා වර්ණනා කරගන්නා ඔබ, විශ්වාස කරන්නේ කොහොම ද?
“මා එවූ පියාණන්වහන්සේ විසින් ඇදගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි.
ඔවුහු ලිංගික තෘෂ්ණා පිරුණු ඇසින් යුතුව සෑහීමක් නැතිව පවෙහි ගැලෙති; අස්ථිරවූවන් වරදට පොලඹවති. ඔවුහු තණ්හාවට පුහුණු කර ගත් සිත් ඇත්තෝ ය; ශාප ලත් දරුවෝ ය.