Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 12:39 - Sinhala New Revised Version 2018

39 ඒ නිසා ඔවුන්ට අදහාගත නොහැකි විය. මන්ද, යෙසායා නැවතත් මෙසේ කී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඒ නිසා ඔවුන්ට අදහාගත නොහැකි විය. මන්ද, යෙසායා නැවතත් මෙසේ කී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 එබැවින් ඔවුන්ට විශ්වාස කිරීමට නො හැකි වූ හේතුව යෙසායා තවත් තැනක දක්වයි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 මේ නිසා ඔවුන්ට අදහාගන්ට නුපුළුවන්විය, මක්නිසාද යෙසායා නැවතත් කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:39
8 හුවමාරු යොමු  

ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.


එහෙත් මම ඒවා කරම් නම්, ඔබ මා විශ්වාස නොකරතත්, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.


එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද?


මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි.


එසේ සිදුවූයේ: “සමිඳාණෙනි, අපේ පුවත විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳාණන්ගේ බලය කවරෙකුට ප්‍රකාශ කරන ලද්දේ ද?” යනුවෙන්, යෙසායා දිවැසිවරයා කී වචන ඉටු වන පිණිස ය.


“උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක. සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්