යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරි පෙදෙසට පැමිණි කල, “ජනයා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් කවුරු ය කියා දැ?” යි තම ගෝලයන්ගෙන් ඇසූ සේක.
යොහන් 12:34 - සිංහල කාලීන පරිවර්තනය සමූහයා කතා කරමින්, “දහම් නීතියෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනිකව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ. Sinhala New Revised Version සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ ‘ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති’යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත. එසේ නම් මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ”යි ඇසූ හ. Sinhala New Revised Version 2018 සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ ‘ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති’යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත. එසේ නම් මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ”යි ඇසූ හ. Sinhala Revised Old Version එබැවින් සමූහයා උන්වහන්සේට උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ සදාකල් සිටිනසේකැයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේවී නම්–මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදැයි කීවෝය. |
යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරි පෙදෙසට පැමිණි කල, “ජනයා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් කවුරු ය කියා දැ?” යි තම ගෝලයන්ගෙන් ඇසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු යැ’ යි මම කීවෙමි කියා, ඔබේ දහම් නීතියේ, ලියා නැද්ද?
එහෙත් එසේ වූයේ, ‘අහේතුකව ඔවුහු මට ද්වේෂ කළහ’ යන ඔවුන්ගේ දහම් නීතියේ ලියා ඇති වචනය ඉෂ්ට විය යුතු නිසා ය.
එබැවින් ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයා උඩට එසවූ කල, මා උන්වහන්සේ වගත්, පියාණන්වහන්සේ ඉගැන්වූ දේ පවසනවා මිස, මා මගේම ආධිපත්‍යයෙන් කිසිවක් කරන්නේ නැති වගත් ඔබ දැන ගන්නවා ඇති.
දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.
එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය.