Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:24 - සිංහල කාලීන පරිවර්තනය

24 එහෙත් මුන්වහන්සේ සදහට ම පැවත සිටින බැවින්, උන්වහන්සේ උසුලන පූජක පදවිය ද නිත්‍ය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 නුමුත් මුන්වහන්සේ, සදාකාලේටම පවතින හෙයින්, උන්වහන්සේගේ පූජකකම පහවෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:24
9 හුවමාරු යොමු  

සමූහයා කතා කරමින්, “දහම් නීතියෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනිකව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ.


ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින බැවින්, කිසි කල යළි මැරෙන්නේ නැති වග අපි දනිමු. මරණයට තවදුරටත් උන්වහන්සේ කෙරේ බලයක් නැත.


මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය.


මන්ද දහම් නීතිය, දුබලතා ඇති මිනිසුන් උත්තම පූජක නිලයට පත් කරන්නේ ය. එහෙත් දහම් නීතියට පසුව පැමිණි දිවුරුමේ වචනය, සදාතන පරිපූර්ණත්වයෙන් යුතු පුත්‍රයාණන් පත් කර ඇත.


ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්