මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.
යොහන් 11:56 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු දේව මාලිගාවේ සිටියදී යේසුස්වහන්සේ සොයමින්, “ඔබ සිතන්නේ කුමක් ද? මංගල්‍යයට ඔහු නෑවිත්ම සිටී දැ?” යි එකිනෙකාගෙන් විමසූහ. Sinhala New Revised Version එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, “ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. Sinhala New Revised Version 2018 එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, “ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. Sinhala Revised Old Version එවිට ඔව්හු යේසුස්වහන්සේ සොයමින්: නුඹලා කුමක් සිතනවාද? ඔහු මංගල්‍යයට නේනවාදෝ කියමින්, දේවමාළිගාවේ සිට ඔවුනොවුන් කථාකළෝය. |
මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.