ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 11:54 - සිංහල කාලීන පරිවර්තනය

එබැවින් යේසුස්වහන්සේ තවදුරටත් යුදෙව්වන් අතර ප්‍රසිද්ධියේ නො ගැවසී, කාන්තාරයට යාබද පෙදෙසේ එප්‍රායිම් නම් ගම්මානයට ගොස්, සිය ගෝලයින් සමඟ එහි නැවතී සිටි සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙයින් යේසුස්වහන්සේ යුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධයෙන් නොහැසිර, එයින් පිටත්ව වනාන්තරයට සමීප පළාතට පැමිණ, එප්‍රායිම් නම් නුවරකට ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටිසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 11:54
9 හුවමාරු යොමු  

ඉන්පසු උන්වහන්සේ යළිත් යොර්දාන් නදියෙන් එතෙර, කලින් යොහන් බව්තීස්ම කළ ස්ථානයට ගොස්, එහි නැවතී සිටි සේක.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලෝකයට මා කතා කළේ එළිපිට ය. මා හැම විට ඉගැන්නුවේ සියලු යුදෙව්වන් රැස්වන සිනගෝගවලදී හා දේව මාලිගාවේදී ය. රහසිගතව මා කිසිවක් කතා කළේ නැත.


මෙයින් පසු යේසුස්වහන්සේ ගලීලයේ සැරි සැරූ සේක. යුදෙව්වන්, උන්වහන්සේ මරා දමන්නට සෙවූ බැවින්, යුදයේ තැනින් තැන යෑමට උන්වහන්සේ නො කැමති වූ සේක.


කෙසේ වෙතත් තම සහෝදරයින් මංගල්‍යයට පිටත්ව ගිය පසු, උන්වහන්සේ ද ප්‍රසිද්ධියේ නො ව, රහසින් මෙන් එහි ගිය සේක.


එහෙත් යුදෙව්වන්ට ඇති බය නිසා කිසිවකුත් උන්වහන්සේ ගැන එළිපිට කතා කළේ නැත.


ප්‍රසිද්ධිය සොයන කිසි කෙනෙක් රහසේ කටයුතු කරන්නේ නැහැ. ඔබ මේ දේවල් කරන බැවින් ලෝකයාට ප්‍රකාශ වන්නැ” යි කීහ.