Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 11:54 - Sinhala Revised Old Version

54 එහෙයින් යේසුස්වහන්සේ යුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධයෙන් නොහැසිර, එයින් පිටත්ව වනාන්තරයට සමීප පළාතට පැමිණ, එප්‍රායිම් නම් නුවරකට ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

54 එබැවින් යේසුස්වහන්සේ තවදුරටත් යුදෙව්වන් අතර ප්‍රසිද්ධියේ නො ගැවසී, කාන්තාරයට යාබද පෙදෙසේ එප්‍රායිම් නම් ගම්මානයට ගොස්, සිය ගෝලයින් සමඟ එහි නැවතී සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 11:54
9 හුවමාරු යොමු  

ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයෙහි සංචාරණයකළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදයෙහි සංචාරණයකරන්ට නොකැමැතිවූසේක.


මක්නිසාද ප්‍රසිද්ධවෙන්ට කැමති කිසිවෙක් කිසිදෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශවෙන්නැයි කීවෝය.


අබියා තෙමේ යෙරොබොවම් ලුහුබඳවා ගොස් බෙතෙල් සහ ඊට අයිති නුවරවල්ද යෙෂානා සහ ඊට අයිති නුවරවල්ද එප්‍රෝන් සහ ඊට අයිති නුවරවල්ද අල්ලාගත්තේය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.


උන්වහන්සේ යොර්දානෙන් එගොඩ යොහන් පළමුවෙන් බව්තීස්මකරමින් සිටි ස්ථානයට ආයෙත් ගොස් එහි නැවතී සිටිසේක.


එසේ වුවත් යුදෙව්වරුන්ට භය නිසා කිසිවෙක් උන්වහන්සේ ගැන ප්‍රසිද්ධයෙන් කථාකෙළේ නැත.


නුමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු උන්වහන්සේද ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගියසේක.


මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්