යොහන් 11:27 - සිංහල කාලීන පරිවර්තනය ඕ පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ලෝකයට එන්නට සිටි තැනැත්තාණන් වග මම විශ්වාස කරමි” යි කීවා ය. Sinhala New Revised Version ඈ පිළිතුරු දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය. Sinhala New Revised Version 2018 ඈ පිළිතුරු දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය. Sinhala Revised Old Version ඈ: එසේය, ස්වාමිනි ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ලෝකයට එන තැනන්වහන්සේවූ ක්‍රිස්තුස් බව විශ්වාසකරගන සිටිමියි උන්වහන්සේට කීවාය. |
සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය.
ඉන්පසු තමා ක්‍රිස්තුස්වහන්සේ බැව් කිසිවකුට නො කියන ලෙස, තම ගෝලයනට උන්වහන්සේ නියෝග කළ සේක.
එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.
ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.
උන්වහන්සේ පෑ මෙම අනුහස් ලකුණ දුටු ජනයා, “ඇත්තෙන්ම, ලොවට එන්නට සිටින දිවැසිවරයා මෙතුමාණෝ” යි කියන්නට වන්හ.
දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාණෝ ඔබ බව අපි විශ්වාස කරගෙන සිටිමු; අපි එය දනිමු.” යි පැවසී ය.
ඔවුන් මෙසේ යද්දී, මග අසල ජලය තිබූ තැනකට ඔවුහු ළඟා වූහ. එකල, “මෙන්න ජලය! බව්තීස්මය ලබන්නට මට බාධාවක් තියේ දැ?” යි නපුංසකයා ඇසී ය.
පිලිප් කතා කොට, “ඔබේ මුළු සිතින්ම අදහන්නේ නම් ඔබට පුළුවනැ” යි කීවේ ය. නපුංසකයා පිළිතුරු දෙමින්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම විශ්වාස කරමි” යි පැවසී ය.
යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.
තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.