Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 16:20 - සිංහල කාලීන පරිවර්තනය

20 ඉන්පසු තමා ක්‍රිස්තුස්වහන්සේ බැව් කිසිවකුට නො කියන ලෙස, තම ගෝලයනට උන්වහන්සේ නියෝග කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එවිට තමන් ක්‍රිස්තුස්වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 16:20
16 හුවමාරු යොමු  

කිසිවකුටත් තමන් ගැන නො කියන ලෙස, උන්වහන්සේ ඔවුන්ට තරයේම නියෝග කළ සේක.


මේ වග කිසිවකුටත් නො කියන ලෙස අණ කරමින්, උන්වහන්සේ ඔවුන්ට නියෝග කර,


පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ ය).


ඔවුන් කන්දෙන් බැස එද්දී, යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුටත් නො කියන්නැ” යි අණ කළ සේක.


ඒ කටහඬ නැවතුණු පසු, එතැන යේසුස්වහන්සේ පමණක් තනිව සිටිනු දක්නා ලදී. මේ දෑ ගැන මුනිවත රකිමින් ඔවුහු තමන් දුටු දෑ ගැන එකල්හිදී කිසිවකුටත් නො පැවසූහ.


ඉන්පසු ඔහු ඇමතූ යේසුස්වහන්සේ, “කිසිවකුට කිසිවක් නො කියන්නට වගබලා ගන්න. එනමුත් ගොස්, පූජකයා ඉදිරියේ පෙනී සිට, මෝසෙස් විසින් නියම කරන ලද පඬුරු ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.


බොරුකාරයා කවුරු ද? යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ය යන්න ප්‍රතික්ෂේප කරන්නා ය. ව්‍යාජ-ක්‍රිස්තුස් මොහු ය; පියාණන්වහන්සේ ද පුත්‍රයාණන්වහන්සේ ද ප්‍රතික්ෂේප කරන්නා ය.


“එබැවින් නුඹලා විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ මේ යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් ස්වාමින්වහන්සේ ද ක්‍රිස්තුස්වහන්සේ ද කොට පත් කළ වග මුළු මහත් ඉශ්‍රායෙල් වංශය නිසැකව දැන ගනිත්වා!” යි පැවසී ය.


එනමුත් මේ දෑ ලියන ලද්දේ, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වග ඔබ විශ්වාස කරන පිණිසත්, එසේ විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ නාමය තුළ ජීවනය අත්කර ගන්නා පිණිසත් ය.


පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.


කන්දෙන් බැස එන කල ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුට නො කියන ලෙස අණ කළ සේක.


යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.


සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය.


මන්ද අද දවසේ දාවිත් පුරයේ ඔබට ගැලවුම්කරුවෙක්, ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ උපන් සේක.


ඕ පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ලෝකයට එන්නට සිටි තැනැත්තාණන් වග මම විශ්වාස කරමි” යි කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්