මාක් 9:34 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔවුහු නිහඬව සිටියහ. එසේ කළේ තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි මඟදී ඔවුන් වාද කළ බැවිනි. Sinhala New Revised Version එහෙත් ඔව්හු නිහඬ වූ හ. මන්ද, වඩා උසස් කවරෙක් දැ යි මඟ දී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි. Sinhala New Revised Version 2018 එහෙත් ඔව්හු නිහඬ වූ හ. මන්ද, වඩා උසස් කවරෙක් දැ යි මඟ දී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි. Sinhala Revised Old Version නුමුත්: වඩා උතුම් තැනැත්තා කවුදැයිකියා ඔවුන් මාර්ගයේදී තමුන් අතරේ විවාදකළ බැවින් ඔව්හු කථා නොකර සිටියෝය. |
“ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි ඔබ එය ලුණු රස ගන්වන්නේ කෙසේ ද? ඔබ තුළ ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සමඟියෙන් සිටින්නැ” යි පැවසූ සේක.