ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ තමාට කළ මහඟු දෑ දෙකපොලිස් පළාත පුරාම පතළ කරන්නට වන්නේ ය. ඒ ඇසූ සියල්ලෝ විස්මපත් වූහ.
මාක් 5:19 - සිංහල කාලීන පරිවර්තනය ඊට අවසර නුදුන් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබේ මිතුරන් වෙත ගෙදර ගොස්, ස්වාමින්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියාත්, උන්වහන්සේ ඔබ කෙරෙහි පෑ දයාව කොතෙක් ද කියාත් ඔවුන්ට කියන්නැ” යි පැවසූ සේක. Sinhala New Revised Version උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version නුමුත් උන්වහන්සේ ඔහුට අවසර නොදී: නුඹ ගෙදර නුඹේ නෑ මිතුරන් ළඟට ගොස්, ස්වාමීන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියාත් උන්වහන්සේ නුඹට කරුණාකළ හැටිත් ඔවුන්ට දන්වන්නැයි ඔහුට කීසේක. |
ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ තමාට කළ මහඟු දෑ දෙකපොලිස් පළාත පුරාම පතළ කරන්නට වන්නේ ය. ඒ ඇසූ සියල්ලෝ විස්මපත් වූහ.
“ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්‍රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.
“වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.