මාක් 16:2 - සිංහල කාලීන පරිවර්තනය සතියේ පළමු දින උදෙන් හිරු උදාව සමඟ සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, Sinhala New Revised Version ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ. Sinhala New Revised Version 2018 ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ. Sinhala Revised Old Version සතියේ පළමුවෙනිදා ඉතා උදය ඉර පෑවූ කල සොහොන් ගේ ළඟට ආවෝය. |
සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.
තමන් පිළියෙල කර ගත් සුවඳ ද්‍රව්‍ය ද ගෙන, සතියේ පළමු දින අරුණ උදෙන්, සොහොන් ලෙන වෙත ගිය ඔවුහු,
සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය.